චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ බ්‍රසීල නිල සංචාරය සාර්ථකව අවසන් වේ. මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දුන්නේ, "වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර ග්‍රහලෝකයක් එක්ව ගොඩනැගීම සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාව" බිහි කිරීමට දෙරටේ නායකයින් එකඟ වූ බවයි. දෙරට අතර සබඳතා ඉතිහාසයේ හොඳම කාලපරිච්ඡේදය මෙය බව දෙපාර්ශ්වයේම පොදු මතයයි. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ දෙරට සංවර්ධන උපායමාර්ග සම්බන්ධ කිරීම, නිසැකවම චීනය සහ බ්‍රසීලය අතර සබඳතාවල අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇතැයි, Lin Jian මහතා පැවසීය. සංචාරය අතරතුර, දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන ගණනාවක් අත්සන් කළහ. බ්‍රසීලය සමග, දෙරට අතර සබඳතාවල යුගයේ අර්ථය අඛණ්ඩව පොහොසත් කිරීමට මෙන්ම, සැබෑ බහුපාර්ශ්විකත්වය දැඩි ලෙස ආරක්ෂා කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටී. දරිද්‍රතාවට පත් නොවී සංවර්ධනය වීම, ගැටුම් ඇති කර නොගෙන සහයෝගයෙන් ක්‍රියා කිරීම මෙන්ම ආධිපත්‍යයට වඩා සාධාරණත්වය ඉටු කිරීම යන යුගයේ නිවැරදි දිශාව චීනය හා බ්‍රසීලය එක්ව ප්‍රවර්ධනය කරනු ඇතැයි, Lin Jian මහතා එහිදී සඳහන් කර ඇත.