චීන ජනපති හා බ්‍රසීල ජනපති මාධ්‍ය හමුවකට එක් වෙති
2024-11-21 07:05:24
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙති. ඒ,බ්‍රසීල වේලාවෙන් 20වන දා පෙරවරුවේ Brasilia අගනගරයේ පිහිටි ජනපති නිල නිවස වන Palácio da Alvorada මන්දිරයේදී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

චීන බ්‍රසීල සම්බන්ධතාවයේ අනාගත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වය වැදගත් එකඟතාවන්ට පැමිණ ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.මෙහිදී වැදගත්ම කරුණු වන්නේ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය, ‘වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර ග්‍රහලෝකයක් එක්ව ගොඩනැගීම සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාව’ ලෙසට වර්ධනය කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා බ්‍රසීලයේ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

අන්‍යෝන්‍ය උපායමාර්ගික විශ්වාසය තහවුරු කරමින්, ස්වාධිපත්‍යය, ආරක්ෂාව, සංවර්ධන අයිතීන් යනාදී කේන්ද්‍රීය ප්‍රශ්න පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් ස්ථිර සහාය දක්වමින් එකිනෙකාගේ උසස් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැපවීම, දෙපාර්ශ්වයේ ඒකමතික අදහස බව ෂී ජින්පිං මහතා පැවසීය. පෙරදිග හා බටහිර අර්ධගෝලයේ දැවැන්ත සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් වශයෙන්, චීනය හා බ්‍රසීලය, ගෝලීය දකුණේ රටවල්වල පොදු අයිතිවාසිකම් ආරක්ෂාව මෙහෙයවමින් ජාත්‍යන්තර පටිපාටිය වඩාත් සාධාරණ හා හේතුසහගත දිශාව කරා ඉදිරියට ගෙන යාමේ ඓතිහාසික වගකීම් ද භාර ගෙන සිටියි.

ආර්ථික, වෙළඳ, මුල්‍ය සේවා, විද්‍යා තාක්ෂණ, යටිතල පහසුකම්, පරිසර සුරැකීම් ඇතුළු වැදගත් ක්ෂේත්‍ර මෙන්ම බලශක්ති පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය, හරිත ඛනිජ සම්පත් ඇතුළු නවීන ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීම වැදගත්ය. ප්‍රායෝගික සහයෝගතා වැඩිදියුණු කිරීම මගින් එකිනෙකාගේ නවීකරණය කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ, ජී20 කණ්ඩායම, බ්‍රික්ස් රටවල් ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් නව චීන-බ්‍රසීල කැපකිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා ඇත.

Luiz Inácio Lula da Silva ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ බ්‍රසීල චීන සහයෝගතාවන්හි උපායමාර්ගික වැදගත්කමක් හිමි වන අතර, එය ලෝකයට බලපෑම් ඇති කළ හැකි බවයි. චීනය බ්‍රසීලයේ වැදගත්ම වෙළඳ හා ආයෝජන හවුල්කරුවෙකු වන අතර චීන ව්‍යාපාර තම රටේ ආර්ථික සමාජයීය සංවර්ධනය ප්‍රබල ලෙස වැඩිදියුණු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ජී20 කණ්ඩායමේ සභාපතීත්වය දරන බ්‍රසීලයට ශක්තිමත් සහාය ලබාදීම මෙන් ‘සාගින්න හා දිළිඳුකම මර්දනය කිරීමේ ගෝලීය සන්ධානය’ට ප්‍රථමයෙන් එක්වීම වෙනුවෙන් චීනයට ස්තුතිවන්ත වේ. විවිධ බහුපාර්ශ්වීය රාමු තුළ අදහස් හුවමාරු හා සම්බන්ධීකරණය පුළුල් කරමින් වඩාත් සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී, සමානාත්මතා හා තිරසර ජාත්‍යන්තර පද්ධතියක් ගොඩනැගීමට දෙරට එක්ව ක්‍රියා කරනු ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය බ්‍රසීල චීන සම්බන්ධතාවයේ නව ඓතිහාසික පරිච්ඡේදයක් ආරම්භ කර ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම