ගාසා තීරයේ හදිසි සටන් විරාම යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කරයි
2024-11-21 09:39:00
Share with:

ගාසා තීරයේ හදිසි සටන් විරාමයක් වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කරයි.

එම ක්‍රියාව ආරක්ෂක මණ්ඩලයේ සෙසු බහුතර සාමාජිකයන් ගේ දැඩි දෝෂ දර්ශණයට ලක්විය. යෝජනාවට සාමජිකයන් 15 දෙනාගෙන් 14 දෙනෙක්ම පක්ෂව ඡන්දය භාවිත කළහ. හදිසි සටන් විරාමයක් සහ වහාම කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසට බල කරමින් ආරක්ෂණ මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයන් දස දෙනෙකු විසින් අදාළ කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන‍්ගේ ඇමරිකානු නියෝජ්‍ය තානාපති රොබට් වූඩ් සදහන් කළේ සටන් විරාමයේ කොටසක් ලෙසට වහාම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළත් යෝජනාවකට පමණක් සහාය ලබා දෙන බවට ඇමරිකාව පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි. මෙම යෝජනාවෙන්  සාකච්ඡා මේසයට යළි පැමිණීමට අවශ්‍ය නොවන බවට භයානක පණිවිඩයක් හමාස් සංවිධානයට ලබා දී ඇතැයි හෙතෙම කීය.

ඇමරිකාව එම යෝජනාවට එරෙහිව නිෂේධ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිතයා පැවසුවේ පලස්තීන හා ඊශ්‍රායල ජීවිත සු‍රැකෙන උත්සාහයකට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම සම්බන්ධයන් කම්පනයට පත්වන නමුත් පුදුමයට පත් නොවන බවයි.මෙය ආරක්ෂක මණ්‍ඩලයට, එක්සත් ජාතීන්ට හා ජාත්‍යන්තර ප්‍රජාවට දුක්බර දිනයක් බව එක්සත් ජාතීන්ගේ ඇල්ජීරියා තානාපතිවරයා පැවසීය.

සිවිල් වැසියන් සමූහ ඝාතනයට ලක් කිරීමට අයිතියක් නැති බව සඳහන් කළ පලස්තීන රාජ්‍යයේ නියෝජ්‍ය ස්ථාවර නිරීක්ෂකයා කඩිනම් කොන්දේසි විරහිත සටන් විරාමයකට එළඹිය යුතු බව පැවසීය. මෝල්ටෝවාව, ගයනා රාජ්‍ය ඇතුළු සෙසු ආරක්ෂක මණ්ඩලයේ බහුතර සාමාජිකයෝ ද ඇමරිකාවේ තීරණය විවේචනයට ලක් කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම