හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අධිකරණය ‘හොංකොං ජාතික ආරක්ෂක නීතිය’ට අනුකූලව "රාජ්‍ය බලය යටපත් කිරීමේ කුමන්ත්‍රණ අපරාධය" පිළිබඳව ලබාදුන් තීන්දුවට එරෙහිව, කැනඩාව පදනම් විරහිතව චෝදනා එල්ල කර ඇති බව කැනඩාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා ඊයේ(19) පැවසීය.
මෙය හොංකොංහි යුක්තියට බාධා කිරීමක් වන අතර නීති ආධිපත්‍යයේ ආත්මය ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. ඊට චීනය දැඩි ලෙස විරුද්ධය .
හොංකොං යනු නීත්‍යනුකූලව පාලනය වන සමාජයක් බවත්, "ප්රජාතන්ත්රවාදයේ" නාමයෙන් නීති විරෝධී ක්‍රියා සිදුකර නීතියෙන් ගැලවීමට කිසිවකුට හෝ අවස්ථාවක් නොමැති බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අධිකරණයේ අදාළ තීන්දුව පැහැදිලි ලෙසම නීතියට අනුකූල වූවක් වන අතර ඊට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.