චීනයේ සියලු ජන කොට්ඨාස හා සමාජ කණ්ඩායම් හී මානව හිමිකම් සුරැකීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නිකුත් කෙරේ.
චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය විසින් එය නිකුත් කර තිබේ. කාන්තාවන්, ආබාධ සහිතවූවන්, සුළු ජනවර්ග හා ජීවන අවදානම් සහිත කණ්ඩායම්වල මානව හිමිකම් සුරැකීමට ගෙන ඇති පියවර එම වාර්ෂික වාර්තාවේ 2024 සංස්කරණයෙන් හෙළි කර ඇත.
පොදු ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් වැඩි දියුණු කිරීම සහ සයිබර් අවකාශය තුළ බාල වයස්කරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර එහි දක්වා තිබේ. ආහාර බෙදාහැරීම හා කුළී මගී ප්‍රවාහන වැනි වර්ධනය වෙමින් පවතින කර්මාන්තවල සේවකයන් ගේ අයිතීන් හා අභිලාෂයන් වෙනුවෙන් ගෙන ඇති පියවර ද වාර්තාව මගින් විශ්ලේෂණය කර තිබේ. ප්‍රාදේශීය යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ග්‍රාමීය වැසියන්ගේ සහභාගීත්වය හා සුපරීක්ෂණ අයිතිය සුරැකීමට ගෙන ඇති පියවර ද එහි දක්වා ඇත.
චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය 1993 වසරේදී පිහිටුවන ලදි. 2011 වසරේ සිට වාර්ෂිකව එම සංගමය මගින් චීනයේ මානව හිමිකම් වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලබයි.