ඉන්දුනීසියාවේ අගනුවර ලෙස පැවති ජකර්තා නගර කලාපය, එරට විශේෂ කලාපය ලෙස නිල වශයෙන් නම් කරමින් ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව තුළ ඊයේ(19) පනතක් සම්මත කෙරිණ.
ඉන්දුනීසියාව ජාවා දූපත් හි පිහිටි ජකර්තා සිට එහි අගනුවර, නැගෙනහිර Kalimantan පළාතේ උතුරු Penajam Paser දිස්ත්‍රික්කයේ පිහිටි Nusantara වෙත ගෙන ගොස් ඇත.
ඒ අනුව නව අගනුවර ඉදිකිරීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, 2025 වසරේ මුල් භාගය වන විට, රාජකාරී කටයුතු සඳහා රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරුවීම් ආරම්භ කිරීමට නියමිතය.
ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති Joko Widodo මහතා මීට පෙර පැහැදිළි කළේ, ජකර්තා හි අධික තදබදය හේතුවෙන් මෙම පියවර ගැනීම අවශ්‍ය වූ බවයි.
කෙසේවෙතත්, ආර්ථික හා සංස්කෘතික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය ලෙස තවදුරටත් ජකර්තා පවතිනු ඇති බව ඉන්දුනීසියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Muhammad Tito Karnavian මහතා පැවසීය.