සටන් විරාමයකට පිවිස යුක්රේන ප්රශ්නය දේශපාලන වශයෙන් විසඳීමට හැකි ද නැද්ද යන්න, බොහෝ දුරට ඇමරිකාවේ සංකල්පය හා ක්‍රියාකලාපය මත රඳා පවතින බව චීනය ප්‍රකාශ කරයි.
එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවාන්ග් මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා යුක්රේන ප්රශ්නය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ පැවති උසස් පෙළේ විවෘත රැස්වීමක් අමතමිනි.
ඇමරිකානු නියෝජිතයා චීනයට එරෙහිව සිදු කළ චෝදනාත්මක ප්‍රකාශය ඔහු තරයේම ප්‍රතික්ෂේප කළේය. සිය වගකීම් චීනයට පවරා දෙමින් චීන පාර්ශ්වයට අපහාස කිරීමේ ඇමරිකානු උත්සාහයන්ට දැඩි ලෙස විරුද්ධ වන බව ඔහු ප්‍රකාශ කළේය.
යුක්රේන අර්බුදය හට ගැනීම හා තවමත් පැවතීම ඇමරිකාවට දැඩි ලෙස සම්බන්ධ වන බව ඔහු කීය. අනාගතයේදී සටන් විරාමයකට පිවිස දේශපාලන විසඳුමකට පැමිණීමට හැකි ද නැද්ද යන්න, බොහෝ දුරට ඇමරිකාවේ සංකල්පය හා ක්‍රියාකාලපය මත රඳා පවතින බව ඔහු පෙන්වා දී තිබේ.
අර්බුද තත්ත්වය උත්සන්න කිරීම, යුද්ධය දීර්ඝ කිරීම, එමගින් සෙසු රටවලට පීඩා එල්ල කරමින් සිය භූගෝලීය උපායමාර්ගය ඉදිරියට ගෙන යාමේ කුමන්ත්‍රණය නිෂ්ඵල වනු ඇතැයි ඇමරිකාවට පැහැදිලි විය යුතු බව ද ගෙං ෂුවාන්ග් මහතා සඳහන් කළේය.