චීන-බ්‍රසීල සංවර්ධන වැඩපිළිවෙළ එකිනෙකාට සම්බන්ධ කිරීම ඓතිහාසික අවස්ථාවක් බව චීන ජනපති පවසයි
2024-11-20 23:48:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ බ්‍රසීල වේලාවෙන් 20වැනිදා පෙරවරුවේ Brasilia අගනගරයේ පිහිටි ජනපති නිල නිවස වන Palácio da Alvorada මන්දිරයේදී  ය.

චීන-බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය යෙදෙන මොහොතක බ්‍රසීලයට යළි පැමිණීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටු වන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ගෙවුණු දශක 5 තුළ චීන-බ්‍රසීල සම්බන්ධතා යහපත් අන්දමින් වර්ධනය වී ඇත. සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් 2ක් වශයෙන් චීනය හා බ්‍රසීලය අන්‍යෝන්‍ය ගෞරවය හා යහපත පදනම් ව මිත්‍රත්වය වර්ධනය කිරීමේ නිවැරදි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. මෑත වසරවල චීනය හා බ්‍රසීලය ද්විපාර්ශ්වික සබඳතා පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ නංවාගෙන තිබේ. මෙම හමුවේදී  Luiz Inácio Lula da Silva ජනාධිපතිරයා සමග එක්ව දෙරට අත්වැල් බැඳ ගනිමින් වඩාත් සාධාරණ හා තිරසර ලොවක් නිර්මාණය උදෙසා, පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල පොදු හවුලක් ස්ථාපිත කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ බ්‍රසීලයේ ජාතික සංවර්ධන උපායමාර්ගය සම්බන්ධ කිරීමට ද දෙරට එකඟ විය. මෙය චීන-බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ තවත් ඓතිහාසික අවස්ථාවක් බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එහිදී බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා පැවසුවේ බ්‍රසීලය සහ චීනය එකිනෙකාට ගරු කරන සහ එකිනෙකාගේ සහයෝගතා අවශ්‍ය මිතුරන් බව යි. චීනය බ්‍රසීලයේ වැදගත්ම උපායමාර්ගික සහකරු බවත්, චීන ජනතාව බ්‍රසීල ජනතාවගේ විශ්වාසවන්ත මිතුරන් බවත් ඔහු පැවසීය. චීනය යෝජිත එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමඟ බෙහෙවින් අනුකූල වන අතර ‘නව කාර්මික ප්‍රතිපත්ති’ සහ ‘දකුණු ඇමරිකානු ඒකාබද්ධතාවය සඳහා මුලපිරීමේ මාර්ග’ වැනි සංවර්ධන උපාය මාර්ග තම රට දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. බ්‍රසීලය සහ චීනය අතර සංවර්ධන උපාය මාර්ග සම්බන්ධීකරණය කිරීම, බ්‍රසීලයේ කර්මාන්තකරණය නැවත නගාසිටුවීමට බෙහෙවින් දායක වේ. එමඟින් දකුණු ඇමරිකාව ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ නැංවීම සඳහා ආදර්ශයක් සපයනු ඇත.

බ්‍රසීලය, "නව සීතල යුද්ධයට" විරුද්ධ වන අතර, බහු-ධ්‍රැව ලෝකයක් ගොඩනැගීම සහ සමානාත්මතාවය මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ගෝලීය හවුල්කාරිත්වයක් වෙනුවෙන් පෙනී සිටින බව ද Lula da Silva මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම