2024 ලෝක අන්තර්ජාල සමුළුවේ Wuzhen රැස්වීමට චීන ජනපතිගෙන් සුබපැතුම්
2024-11-20 11:23:47
Share with:

2024 ලෝක අන්තර්ජාල සමුළුවේ Wuzhen රැස්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් සුබපැතුම් යොමු කරයි.

වර්තමානයේදී නව වටයේ විද්‍යා තාක්‍ෂණික විප්ලවය මෙන්ම කාර්මික පරිවර්තනය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා අද (20) යොමු කළ එම සුබපැතුමෙන් පෙන්වා දුන්නේය. කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්‍ෂණයන් නැඟී එමින් පවතී. එය මානව වර්ගයාගේ ලෝකය තේරුම් ගැනීමේ සහ පරිවර්තනය කිරීමේ හැකියාව බෙහෙවින් වැඩි දියුණු කර ඇති අතර, එසේම අනපේක්ෂිත අවදානම් සහ අභියෝග ද ගෙන දී ඇති බව ඔහු කීය.

ඩිජිටල්කරණයේ, ජාලකරණයේ සහ බුද්ධිමයකරණයේ සමස්ත සංවර්ධන ප්‍රවණතාව ග්‍රහණය කරගෙන, නවෝත්පාදනය පළමු ගාමක බලවේගය ලෙස‍ටද, ආරක්ෂාව මූලික අවශ්‍යතාව ලෙසටද, පුළුල් ප්‍රතිලාභ වටිනාකමේ ඉලක්කය ලෙසටද සැලකිය යුතු බව චීන ජනාධිපතිවරයා පිරිනැමූ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය. අන්තර්ජාල අවකාශයේ නවෝත්පාදන, ආරක්ෂක සහ සහභාගීත්ව සංවර්ධනය වේගවත් කරමින්, වඩා සුන්දර ඩිජිටල් අනාගතයක් කරා ගමන් කිරීමට උත්සාහ කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

අන්තර්ජාලයෙන් ජනතාවට සහ ලෝකයට වඩා ප්‍රතිලාභ ලබා දීම සඳහා, තොරතුරු විප්ලව සංවර්ධන අවස්ථා ග්‍රහණය කරගෙන පොදු ඉරණමක් සහිත සයිබර් අවකාශයක් ගොඩනැගීමට චීනය විවිධ රටවල් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය.

2024 ලෝක අන්තර්ජාල සමුළුවේ Wuzhen රැස්වීම අද (20) චීනයේ Zhejiang පළාතේ Wuzhen හිදී ආරම්භ විය. එහි තේමාව "ජනතාව කේන්ද්‍ර කරගනිමින් කෘත්‍රිම බුද්ධිය යහපත වෙනුවෙන් යොදා ගැනීමට බුද්ධිමත් ඩිජිටල් අනාගතයක් වැලඳ ගැනීම - පොදු ඉරණමක් සහිත සයිබර් අවකාශයක් එක්ව ගොඩනැගීම" යන්නය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම