චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් 19වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.
චීන - ආර්ජන්ටිනා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 10 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇති අතර එය අවස්ථාවක් කර ගනිමින්, දෙරට සබඳතාව තවදුරටත් ඉදිරියට මෙහෙයවිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරට ජනතාවගේ සාම්ප්‍රදායික මිතුදම අගය කරන චීනය, ආර්ජන්ටිනාවට නවෝත්පාදනයෙන් සිය අනන්‍ය වූ සංවර්ධන මාර්ග හඳුනා ගැනීමට චීනය සහාය වෙයි. දෙරට අතර ආර්ථික හා වෙළඳ ව්‍යුහයන් එකිනෙකාට අනුපූරුක වන අතර සහයෝගිතා සඳහා පුළුල් අනාගතයක් ද හිමිය. චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවයෙන් ගෙන දෙන අවස්ථා ප්‍රයෝජනයට ගෙන චීන වෙළඳපොළේ සිය පංගුව පුළුල් කර ගන්නා ලෙසට චීනය ආර්ජන්ටිනාවට ආරාධනා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආර්ථික තත්ත්වයන්ට ස්ථාවරත්වයක් ලබා දීම සඳහා චීනය තම රටට ලබා දෙන අගනා සහාය පිළිබඳව Javier Milei මහතා එහිදී කෘතඥ්යාව පළ කළේය. චීනයේ විශ්වාසවන්ත හා ස්ථාවර හවුල්කරුවෙකු බවට පත් වීම ආර්ජන්ටිනාවේ අපේක්ෂාවයි. තායිවාන ප්‍රදේශය පිළිබඳ චීනයේ ස්ථාවරයට ස්ථිර ලෙස අනුබල ලබා දෙන ආර්ජන්ටිනාව එකම චීනය මූලධර්මය තරයේ ම අනුගමනය කරයි. චීනයේ වැඩි ව්‍යවසායකයන්ට තම රටේ ආයෝජන සිදු කරන මෙන් ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ආරාධනාවක් ද සිදු කළේය. ෂී ජින්පිං මහතා ජී 20 කණ්ඩායමේ නායක සමුළුව වෙත ඉදිරිපත් කළ ගෝලීය පාලනය පිළිබඳ දැක්ම ඉහළින් අගය කරන තම රට, චීනය සමග එක්ව සංවාද හා සහයෝගිතා තහවුරු කිරීමට සූදානම් බව ද ජනාධිපති Javier Milei මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.