සංවර්ධනය වෙමින් පවතින රටවල ඇති දරිද්‍රතා ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි යැයි චීන ජනපති චීන අත්දැකීමෙන් පවසයි
2024-11-19 06:59:58
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ  රියෝ ද ජැනයිරෝ අගනුවර පැවති 19වැනි ජී-20 නායක සමුළුවට සහභාගි විය. ඔහු එම සමුළුවේදී "පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම" යන මැයෙන් වැදගත් දේශනයක් පැවැත්වීය.

තමා චීනයේ ගම්වල, කෝරළවල, නගරවල, පළාත්වල සහ මධ්‍යම රජයේ  සේවය කර ඇති බවත් දරිද්‍රතාවය පිටුදැකීම තම රාජ්‍ය කාර්යයේ වැදගත් කොටසක් වන අතර එය ඉටු කිරීමට තමා අධිෂ්ඨානශීලීව ප්‍රයත්න දැරූ බවත් ෂී ජින් පිං මහතා පැවසීය.

චීනයේ දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ නොපසුබට ප්‍රයත්න සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඇති දරිද්‍රතාවේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි බව යැයි ද ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම