19 වැනි ජී20 නායක සමුළුවේ දෙවන අදියරේ රැස්වීමේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා "ගෝලීය පරිපාලන ආයතනවල ප්‍රතිසංස්කරණය" යන තේමාව යටතේ වැදගත් දේශනයක් සිදු කළේ ය.
මේ පිළිබඳ සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දුන්නේ, ජී20 නායක සමුළුව පිහිටුවීමෙන් පසු, එය සෑම විටම ජාත්‍යන්තර සහයෝගීතාව මෙහෙයවන අතර, ගෝලීය අභියෝගයන්ට සෘජු ව මුහුණ දෙන බවයි. මෙවර ජී20 නායක සමුළුවේ දෙවන අදියරේ රැස්වීමේ දී, ෂී ජින් පිං මහතා සඳහන් කළේ, ජී20 සහයෝගීතාව ගෝලීය පරිපාලනය අඛණ්ඩව වැඩි දියුණු කිරීම හා ඓතිහාසික ප්‍රගතිය ප්‍රවර්ධනය සඳහා යොමු විය යුතු බවයි. ජී20 සියලු සාමාජිකයන් සමග එක්ව, මෙවර සමුළුව නව ආරම්භයක් ලෙස සලකා හවුල්කාරිත්වය ශක්තිමත් කර, සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීමට, චීනය අපේක්ෂා කරන බව, Lin Jian මහතා එහිදී සඳහන් කර ඇත.