චීන මාධ්‍ය සමූහය සහ බ්‍රසීලයේ Bandeirantes මාධ්‍ය සමූහය අතර පූර්ණ සහයෝගිතා තහවුරු කෙරේ.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ බ්‍රසීලයේ Bandeirantes මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් João Saad මහතා ඊයේ(18) Rio de Janeiro නුවර දී සහයෝගිතා ගිවිසුමකට අත්සත් තැබූහ. ඒ අනුව, වැඩසටහන් නිෂ්පාදන, නව තාක්ෂණ නවෝත්පාදන භාවිතය, පුද්ගල හුවමාරු ඇතුළු විවිධ ක්ෂ්‍රේතවල සහයෝගිතා සහතික කිරීමට එහිදී එකඟතාවන්ට එළඹිණ.
චීන - බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය සහ Bandeirantes සමූහය මෙම ගිවිසුමට අත්සන් තැබීම, දෙරටේ නායකයන්ගේ එකඟතාවන් අනුගමනය කිරීමට පියවරක් බව Shen Haixiong මහතා පැවසීය. එහිදී Bandeirantes සමූහය සමග එක්ව, සහයෝගිතා තවදුරටත් සහතික කරමින් චීන - බ්‍රසීල මිත්‍රත්වය පෙන්නුම් කෙරෙන කතා මාලා ලෝකය වෙත පොදුවේ ඉදිරිපත් කරන අතර, චීන - බ්‍රසීල සබඳතාව සඳහා මීළඟ ස්වර්ණමය දශක 5ක් වෙනුවෙන් ගාමක මාධ්‍ය බලයක් සැපයීමට චීන මාධ්‍ය සමූහය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.