චීන මාධ්‍ය සමූහය සහ බ්‍රසීල සංස්කෘතික අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.
එම අත්සන් තැබීමේ උත්සවය බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද ජැනයිරෝ අගනුවර දී පැවැත්විණ. ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන් නිෂ්පාදනය, සංස්කෘතික උරුමයන් ප්‍රචාරය කිරීම, පුද්ගල හා තාක්ෂණික හුවමාරුව යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ බ්‍රසීල සංස්කෘතික ඇමතිනි Margareth Menezes මහත්මිය එම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙවර ගිවිසුමට අත්සන්තැබීම ප්‍රයෝජනයට ගෙන, චිත්‍රපට වෙළඳපොළ පුළුල් කිරීම, චිත්‍රපට හා රූපවාහිනී නිර්මාණ නිෂ්පාදනය හා විකාශය, සංස්කෘතික හා සංචාරක ප්‍රචාරය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ගැඹුරු කොට මානව හා සංස්කෘතික හුවමාරුව නව තලයකට ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීල සංස්කෘතික අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට චීන මාධ්‍ය සමූහය අපේක්ෂා කරන බව Shen Haixiong මහතා එහිදී පැවසීය.