ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්
2024-11-19 16:19:34
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ(18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය.

තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය සිදු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යළි තහවුරු කරනු ලැබීය.

මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමගින් ආර්ථික ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව ද සකස් කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම