චීනය හා ප්‍රංශය අතර පවතින දිගු කාලීන සංස්කෘතික සබැදියාව චීන ජනපති අගය කරයි
2024-11-19 10:39:03
Share with:

චීනයේ ථාං රාජවංශයේ පුරාවස්තු ප්‍රදර්ශනය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ලියන ලද පෙරවදන සමඟින් විවෘත කෙරේ.

"චීනයේ ථාං රාජවංශය—විවිධාකාර සහ විවෘත රාජවංශයක් (7වැනි සියවසේ සිට 10වැනි සියවස දක්වා කාලය)" යන මැයෙන් එම දර්ශනය ඊයේ(18) ප්‍රංශයේ Guimet කෞතුකාගාරයේ ආරම්භ කෙරිණ.

චීන ජාතියට හා ප්‍රංශ ජාතියට දිගු ඉතිහාසයක් සහ විශිෂ්ට සංස්කෘතියක් ඇත. දෙරටේ ජනතාව සැමවිටම එකිනෙකාට අගය කොට ආකර්ෂණය කර ඇති අතර ඔවුන්ගේ මිත්‍රශීලී හුවමාරුවට දිගු ඉතිහාසයක් ති‌බෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ථාං රාජවංශය චීන ඉතිහාසයේ වඩාත්ම සමෘද්ධිමත් රාජවංශය විය. ථාං රාජවංශයේ සංස්කෘතික බලපෑම ආසියාව පුරා බලපෑම් සිදු වී සේද මාවත හරහා යුරෝපයට පැතිර ගොස් ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. ථාං රාජවංශයේ නිර්මාණය වූ කවි, සිතුවම්, රන් රිදී භාණ්ඩ සහ අනෙකුත් කලාත්මක ජයග්‍රහණ අදටත් මිනිසුන්ගේ පැසසුමට ලක් වේ. මෙවර ප්‍රදර්ශනය ප්‍රංශ සහ යුරෝපීය ප්‍රේක්ෂකයින්ට චීන ශිෂ්ටාචාරයේ අද්විතීය චමත්කාරය වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීමට ඉඩ සලසනු ඇතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

ප්‍රංශය සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සහ සංස්කෘතික හා සංචාරක වර්ෂය සැමරීම සඳහා Guimet කෞතුකාගාරයේ පැවැත්වෙන චීනයේ ථාං රාජවංශයේ පුරාවස්තු ප්‍රදර්ශනය, ප්‍රංශය සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම