චීන-බොලිවියා සහ‍යෝගිතා තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බව චීන ජනපති පවසයි
2024-11-19 23:41:59
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොලිවියා ජනාධිපති Luis Alberto Arce Catacora මහතා හමු වෙයි. එම හමුව පැවැත්වුණේ බ්‍රසීලයේ වේලාවෙන් 19වැනි දා පෙරවරුවේ Rio de Janeiro අගනුවරදී පැවති 19වැනි ජී-20 නායක සමුළුවට නායක දෙපළ එක් වන අතරතුරදී ය.

චීනය හා බොලිවියාව සහෝදරත්වයෙන් බැඳී සිටින මිත්‍ර රටවල් දෙකක් බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. මෑත වසරවල ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් චීනය හා බොලිවියාවට අත්දැකීම් බෙදා ගත හැකි අතර චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ සහ බොලිවියාවේ 2025 වසරේ සංවර්ධන සැලැස්ම සම්බන්ධ කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේ ය. යටිතල පහසුකම් සංවර්ධනය, සානු භූමි කෘෂිකර්මය, හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍රවල දෙරට සහ‍යෝගිතා වඩාත් පුළුල් කිරීමට අවකාශ පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ඇතුළු වේදිකාවල චීනය හා ‍බොලිවියාවට තවදුරටත් සම්බන්ධීකරණය තහවුරු කළ හැකි බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Luis Alberto Arce Catacora ජනාධිපතිවරයා එම හමුවේදී කොවිඩ් වසංගතය මර්දනය සහ සිය රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳව චීනය ලබාදුන් සහාය සිහි කරමින් කියා සිටියේ බොලිවියාව හා චීනය අතර ශක්තිමත් සහෝදරත්වයක් පවතින බවයි. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ බොලිවියාව වැනි රටකට මනා ආදර්ශයක් ලබා දී ඇත .ලබන වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 40වැනි සංවත්සරය සැමරීමට චීනය සමග එක්වීමට බොලිවියාව බලාපොරොත්තුවෙන් සිටී.  එමගින් ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද බොලිවියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම