චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum මහත්මිය හමු වෙයි.
එම හමුව බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.
මෙක්සිකෝ ඉතිහාසයේ පළමු කාන්තා ජනාධිපතිවරිය බවට පත්වීම සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා නැවතත් Claudia Sheinbaum මහත්මියට එහිදී සුබපැතුම් පිරිනමා ඇත. චීනය සහ මෙක්සිකෝව අතර මිත්‍රත්වයේ දීර්ඝ සම්ප්‍රදායක් පවතින බවත්, දෙපාර්ශ්වයම සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බවත්, ප්‍රායෝගික සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බවත්, නව යුගයේ ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. බහුපාර්ශ්විකත්වය හා ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමටත් ලෝක ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් ධනාත්මක ශක්තියක් ලබාදීම සඳහා මෙක්සිකෝව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
මෙක්සිකෝව සහ චීනය බොහෝ දුරින් පිහිටියද, දෙරටේ සබඳතා ඉතා සමීප බව Claudia Sheinbaum මහත්මිය පැවසුවාය. මෙක්සිකෝව දුෂ්කරතාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී චීනය ලබා දුන් ශක්තිමත් සහ අවංක උපකාර සඳහා ස්තූතිවන්ත වන බව ඇය පැවසුවාය. මෙක්සිකෝව සහ චීනය යන දෙරටම බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර මෙක්සිකෝව චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය පැවසුවාය.