බ්‍රසීලයේ Rio de Janeiro අගනුවරදී පැවති 19වැනි ජී-20 නායක සමුළුව සමස්ත ලෝකයේ අවධානයට ලක්ව ඇත. මෙවර ජී-20 නායක සමුළුවෙන් පසු නිර්මාණය කළ යුත්තේ කවරාකාරයේ ලොවක් ද ? එවැනි ලොවක් නිර්මාණය කරන්නේ කෙසේ ද ? ගෝලීය පරිපාලන ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේ ද? මෙහිදී ජී-20 කණ්ඩායමට පැවරී ඇති වගකීම හා යුතුකම කුමක් ද ? මෙවර ජී-20 නායක සමුළුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී බොහෝ දෙනෙකුට මෙවන් ප්‍රශ්න මතු විය හැකි ය.
ඉහත සඳහන් කරුණු පිළිබඳව මෙවර ජී-20 නායක සමුළුවට එක්වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය අදහස් දැක්වීමේදී පැහැදිලි කළේය. පොදු සංවර්ධනය වෙනුවෙන් සාධාරණ ලෝකයක් නිර්මාණය කළ යුතු බවත්, සියලු රටවල් එක්ව අත්වැල් බැඳගෙන සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පරිපාලන පද්ධතියක් නිර්මාණය කර ගත යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. එපමණක් නොව ගෝලීය සංවර්ධනය වෙනුවෙන් පියවර 8කින් යුත් වැඩපිළිවෙළක් චීන ජනාධිපතිවරයා සමුළුවේදී ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව , ආර්ථික, මූල්‍ය, වෙළඳ ,ජෛව පරිසර ඇතුළු ක්ෂේත්රවල ගෝලීය පරිපාලන සංකල්පය පිළිබඳව ද චීන ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. චීන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයන් එහි රැස්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ පුළුල් ඇගයීමකට ලක් වීම විශේෂත්වයකි.
සියලු රටවල් සංවර්ධනය සාක්ෂාත් කර ගත් පසු එය සැබෑම සංවර්ධනයක් බව චීනයේ මතයයි. එවන් පොදු සංවර්ධනයක් සහිත සාධාරණ ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය පවත්වා ගැනීමට චීනය සැමවිටම කැපවී සිටී. ගෝලීය සංවර්ධනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා මෙවර ප්‍රකාශයට පත් කළ පියවර අට හුදු වචනයට පමණක් සීමා නොවී සැබවින්ම ක්‍රියාවට නැංවිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළකි. ඒ අතරින් ,චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම, දරිද්‍රතාව පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව හා ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීම මෙන් ම, අප්‍රිකාවට හා ඌන සංවර්ධිත රටවලට සහාය ලබාදීම ද කැපී පෙනේ.