චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2024-11-19 10:06:44
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් නොවැම්බර් 18 වැනිදා රියෝ ද ජැනයිරෝ නගරයේ දී සිදු කෙරිණ.

චීන-රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා‍ව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සනිටුහන් වන මෙම වසර තුළ, ද්විපාර්ශ්වික සබඳතාව හා සහයෝගිතාව සංවර්ධනය කිරීමේදී, විවිධ අභියෝගයන් මැඩපවත්වා නව ජයග්‍රහණයන් අත්කර ගෙන ඇති බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය. Kazan සමුළුව අතරතුර පැවති හමුවීමේදී දෙරටේ නායකයන් ද්විපාර්ශ්වික සබඳතාවේ ඉදිරි සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කළ බව ඔහු කීය. රුසියාව සමඟ සන්නිවේදනය ශක්තිමත් කරමින් චීන-රුසියානු විස්තීරණ උපායමාර්ගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් වං යී මහතා අවධාරණය කළේය.

වත්මන් චීන-රුසියානු සබඳතාව පෙර නොවූ විරූ උසස් මට්ටමක පවතින බව Sergey Lavrov මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ නායකයන් සමීපව අදහස් හුවමාරුව පවත්වා ගනිමින් නව සහයෝගිතා ඉලක්කය සකස් කර ඇති බව ඔහු පැවසීය. දෙරටේ සබඳතාව සංවර්ධනය කිරී‍මේදී සැමවිටම සමානාත්මතාවය සහ පොදු ජයග්‍රහණය සහිත මූලධර්මය අනුගමනය කෙරේ. එය දෙරටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැලපෙන අතර ගෝලීය දකුණේ රටවල සහායට ලක්ව ඇති බව ද ඔහු කීය. එමෙන්ම බ්‍රික්ස් සත්කාරක රට ලෙස රුසියාවට ලබා දුන් සහාය පිළිබඳව Sergey Lavrov මහතා එම අවස්ථාවේදී චීනය වෙත විශේෂ ස්තුතිය පළ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම