චීන සංස්කෘතික වැඩසටහන් මාලාව ශ්‍රී ලංකාවේ සාර්ථකව පැවැත්වෙයි
2024-11-19 09:47:14
Share with:

“චීන සංස්කෘතිය ශ්‍රී ලංකා සිසුන් අතරට ” ලෙසින් නම් කෙරුණු එම චීන සංස්කෘතික වැඩසටහන් මාලාව පසුගිය මැයි මස සිට නොවැබර් මස දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීක පාසල් 11කදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන් මාලාව, අදාළ පාසල් හා ඒ ආසන්න ප්‍රදේශවල පාසල් රැසක සිසු සිසුවියන් දහදහසක පමණ පිරිසකගේ ආකර්ෂණයට ලක්ව කර ඇති අතර ඊට ඔවුන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.

“චීන සංස්කෘතිය ශ්‍රී ලංකා සිසුන් අතරට ”චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද  නව සන්නාම වැඩසටහනක් වේ. චීන සංස්කෘතික ඡායාරූප ප්‍රදර්ශනය, චීන සංස්කෘතික පිළිබඳ දේශනය, චීන අක්ෂර කලාව, සටන් කලාව, කඩදාසි කැපීමේ වැඩසටහන්, චිත්‍රපට ප්‍රදර්ශනය හා පොත් පරිත්‍යාගය යන කරුණු ඊට ඇතුළත්ය. මෙම වැඩසටහන් පැවැත්වීමෙන් අනතුරුව “මගේ ඇසින් දුටු චීනය” නම් නිර්මාණ තරඟය සිදු කෙරිණ. 

නිර්මාණ තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 7 වනදා සමාප්ති උත්සවයේදී පැවැත්විණ. එම උත්සවයට එක්වූ ශ්‍රී ලංකා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා හා චීන තානාපති කාර්යාලයේ කොන්සල් Ji Lili මහත්මිය නිර්මාණ තරඟයෙන් සම්මාන දිනා ගත් සිසු සිසුවියන් 48 දෙනෙකුට සම්මාන ප්‍රදානය කළහ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම