දේශගුණික තත්ත්වයන් සඳහා මූල්‍ය සැපයීම පිළිබඳව COP29 සම්මේලනයේ අවධානයට යොමු වෙයි.
දැනට අසර්බයිජානයේ Baku නුවර දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 29 වන සමුළුව ඊයේ(18) එහි දෙවන අදියරට පැමිණියේය. විවිධ පාර්ශ්වයන්ගෙන් සමන්විත 200දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් එහිදී දේශගුණික සාකච්ඡා යළි ඇරඹූහ. මෙවර සමුළුවේ ප්‍රධානතම අරමුණ වන දේශගුණික තත්ත්වයන් සඳහා මූල්‍ය සැපයීම සම්බන්ධ නව එකගතාවන්ට එළඹීමට එහි අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලදී අපේක්ෂා කෙරේ. එහෙත්, එම එකඟතා සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්වයන්ට තවමත් මතභේද රැසක් තිබෙන බව වාර්තා වී ඇත.
මේ අතර, මෙම සමුළුව පැවැත්වෙන අතරතුර, චීන සමාජ විද්‍යා ඇකඩමිය ‘චීන ජනතාව දේශගුණික විපර්යාසය සලකන්නේ කෙසේ ද සහ දේශගුණික වෙනස්වීම් පිළිබඳ 2024 චීන ජනතාවගේ අවබෝධ වාර්තාව’නිතුක් කළේය. එයට අනුව, චීන ජනතාව දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවක් දක්වා ඇති බව පෙන්නුම් කෙරේ. අන්තර්ජාලය ඔස්සේ සමීක්ෂණ පත්‍ර 12427ක් විමසා බැලීමෙන් මෙම තොරතුරැ අනාවරණ වී ඇත.