චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(18) බ්‍රසීලයේ Rio de Janeiro අගනුවරදී, ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා හමු විය.
වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, දෙරට නායකයින් නොබෝ කලකට පෙර රුසියාවේ Kazan හි පැවති හමුවීමෙන් අනතුරුව, චීන-ඉන්දීය සම්බන්ධතා යථාතත්ත්වයට පත් වූ අතර සහයෝගීතාවේ නව වර්ධනයක් ඇති වූ බවයි. මෙය දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා වලට ද අනුකූල වේ. අසල්වැසි සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් දෙකක් ලෙස, චීනයේ සහ ඉන්දියාවේ පොදු ප්‍රතිලාභ වෙනස්කම්වලට සාපේක්ෂව ඉහළ මටට්මක පවතී. දෙපාර්ශ්වයම එකිනෙකාගේ සංවර්ධනය නව අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවත්, පොදු පුනර්ජීවනය හා සංවර්ධනය එක්ව ඉටු කළ යුතු බවත්, වං යී මහතා පැවසීය. චීනය සහ ඉන්දියාව ජාත්‍යන්තර කටයුතුවලදී සම්බන්ධීකරණය හා සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත්, බ්‍රික්ස් යාන්ත්‍රණය සහ ශැංහයි සහයෝගිතා සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේ ය.
මෙහිදී Subrahmanyam Jaishankar මහතා පෙන්වා දුන්නේ, ඉන්දියාවේ හා චීනයේ පොදු ප්‍රතිලාභ වෙනස්කම් වලට සාපේක්ෂව වැඩි වන අතර, දෙපාර්ශ්වයම අදාළ ගැටළු සමග වඩාත් ධනාත්මක ආකල්පයකින් නිසි ලෙස කටයුතු කළ යුතු බවයි. ලබන වසරට යෙදෙන දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය අවස්ථාවක් ලෙස ගනිමින් , ඉන්දියානු-චීන සබඳතාවල ඉදිරි සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටී. චීනය සමග, ජී20 සහ බ්‍රික්ස් යන බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද Subrahmanyam Jaishankar මහතා එහිදී සඳහන් කර ඇත.