දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වෙන නොවැම්බර් මාසයේ දී හමුදා මෙහෙයුම් නතර කරන ලෙස චීනය ඇතුළු රටවල් 130 ක් පමණ සියලු රටවලින් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ, අසර්බයිජානයේ අගනුවර වන Baku හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවයන්ගේ 29 වන සමුළුවේදී (COP29) ය.
එමෙන්ම අදාළ කාලය තුළ යුද ගැටුම් පසෙකලා එක්සත්ව, දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමට එක්වන ලෙස දක්වමින්, චීනය ඇතුළු රටවල් 130 ක් මෙම ඉල්ලීම කර ඇත.
දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වෙන නොවැම්බර් මාසයේදී සටන් විරාම කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සමුළුවේ සභාපතිවරයා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයක ද දැක්වෙයි.
යුද ගැටුම්වලදී පරිසරයට එකතුවන දූෂක ද්‍රව්‍යයන්ගේ විමෝචනයේ බලපෑම අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමේ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම මෙහි බලාපොරොත්තුව බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.