සැමෝවා අග්‍රාමාත්‍ය Fiame Naomi Mata'afa මහත්මිය ලබන 20 වනදා සිට 28 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. ඒ පිළිබඳව සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ සැමෝවාව, චීන මහජන සමූහාණ්ඩුව සමග පළමුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත් ශාන්තිකර දූපත් රටවලින් එකක් වන අතර දෙරටේ මිත්‍රශීලි සහයෝගිතාවන්හි ශක්තිමත් පදනමක් තිබෙන බවයි. Fiame Naomi Mata'afa මහත්මියගේ සංචාරය තුළ දෙරට නායකයන් දෙරට සබඳතාව, පොදු අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳ ගැඹුරින් අදහස් හුවමාරු කරමින් අනාගතයේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධන කර ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කරනු ඇත. ලබන වසර, සැමෝවාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සර වසරයි. මෙම සංචාරය ප්‍රයෝජනයට ගනිමින් දෙරට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතා අන්තර්ගතයන් අඛණ්ඩව වැඩි දියුණු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා එහිදී ප්‍රකාශ කර ඇත.