චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි Galleon ගුවන් හමුදා කඳවුරේදී ලිඛිත දේශනයක් ඉදිරිපත් කරයි.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ ආරාධනාවට අනුව, බ්‍රසීලයට යළි පැමිණීමට ලැබීම සහ G20 කණ්ඩායමේ නායකයන්ගේ 19වැනි සමුළුවට සහභාගී වීම තමා ඉතා සතුටු වන බව ඊයේ(17) එරටට ළඟාවූ ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් සඳහන් කළේ ය. ගතවූ වසර 30ක කාලය තුළ සිව් වතාවක් බ්‍රසීලයට පැමිණි අතර එහිදී බ්‍රසීලයේ සංවර්ධන වෙනස්කම් සියැසින් දුටු බව හෙතෙම පැවසීය. චීන රජය හා ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා බ්‍රසීල රජයට හා ජනතාවට සිය හෘදයාංගම සුබ පැතුම් ද පළ කළේ ය.
චීනය හා බ්‍රසීලය පොදු එකඟතාවන් සහිත මිත්‍ර රටවල් දෙකක් මෙන්ම එක්ව ඉදිරියට යන සහෝදර රටවල් දෙකකි. නැගෙනහිර හා බටහිර අර්ධගෝලවල විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙක වන චීනය හා බ්‍රසීලය සාගරයෙන් වෙන්ව ඈතීන් පිහිටියද අන්‍යෝන්‍ය අවශ්‍යතා සැමවිටම සලකා බලමින් සිටී.
බ්‍රසීලය “නිවර්තන චීනය” ලෙස හැඳින්වූ අතර චීන ජනතාව බ්‍රසීලයට කෙරෙහි මිත්‍ර හැඟීමෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. මෑත වසර කිහිපය තුළ තමා සහ ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ උපායමාර්ගික උපදෙස් යටතේ දෙරටේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් ප්‍රායෝගික සහයෝගිතා සරු ජයග්‍රහණ ලබා ගෙන ඇති අතර විවිධ ක්ෂේත්‍රවල මානව මෙන්ම සංස්කෘතික සහයෝගිතා පවත්වා තිබේ. ඉන් සාම්ප්‍රදායික මිත්‍රත්වයට නව යුගයේ ශක්තියක් ගෙන දී ඇති බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර තලයේ “ගෝලීය දකුණේ ”යුක්තියේ හඬ එක්ව නිකුත් කරන බ්‍රසීයල හා චීනය, ලෝක සාමයට හා සංවර්ධනයට වැදගත් දායකත්වයන් ලබා දෙමින් ඇත.
මෙම වසර දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ වසර 50 සංවත්සරය සමරන අතර දෙරටේ සබඳතාව ඉතා වැදගත් ඓතිහාසික ස්ථානයක පවතී. චීන-බ්‍රසීල සබඳතාව තවදුරටත් ඉහළ නංවා ගෙන දෙරටේ සංවර්ධන උපායමාර්ග කෙරෙහි සැලකිල්ල දක්වමින් පොදුවේ අවධානය යොමු කරන ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා සමග ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටී. මෙවර සංචාරය මගින් දෙරටේ උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ඒ ඒ ක්ෂේත්‍ර සහයෝගිතා හා හුවමාරු පුළුල් කර දෙරටේ සබඳතාවේ ඉදිරි “රන්වන් වසර 50ක් ”ආරම්භ කළ හැකිවෙතැයි ෂී ජින් පිං මහතා විශ්වාස පළ කර ඇත.
G20 කණ්ඩායමේ නායකයන්ගේ 19වැනි සමුළුවට සහභාගී වෙමින් ඒ ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සංවර්ධන ක්‍රියාමාර්ග සොයා ගෙන සාධාරණ මෙන්ම විධිමත් ලෝක බහුධ‍්‍රැවීයකරණය, පොදු ප්‍රතිලාභී ආර්ථීක ගෝලීයකරණය ප්‍රචාරය කරනු ඇත. G20 කණ්ඩායම ජාත්‍යන්තර ආර්ථීක සහයෝගිතාවේ වැදගත් වේදිකාවක් බවට පත්වීම සඳහා වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් සියලු පාර්ශ්ව සමග ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටී.