නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් උපදෙස්
2024-11-18 16:31:34
Share with:
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බව ය.
දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතියා පැවසීය.
ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් කියා සිටියේය.