ජී- 20 කණ්ඩායමේ 19වැනි නායක සමුළුව 18 සහ 19 යන දෙදින බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පැවැත්වෙයි. ලෝකයට නව සංවර්ධන අවකාශ ලබාදීමේදී චීනයට හිමි වැදගත් ස්ථානය එහිදී කැපී පෙනේ. ගෝලීය ආර්ථික ධාරිතාවෙන් 85%ක් සතු වන ජී-20 කණ්ඩායමේ නායක සමුළුව, වැදගත් ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා සංසදයක් වශයෙන් ද සැලකේ. සංවර්ධනය යනු ඕනෑම රටකට තීරණාත්මක සාධකයකි. ජී-20 කණ්ඩායමේ සාමාජික රටවල් අතර පවතින සහයෝගිතා සම්බන්ධයෙන් චීනය සෑමවිටම අවධානය යොමු කරන්නේ සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමිනි. 2016 වසරේ චීනයේ හං චෞ නුවර පැවති ජී-20 නායක සමුළුවේදී ජී-20 කණ්ඩායමේ සහයෝගිතා තුළ සංවර්ධනයට වැඩි අවධානයක් ලබා දීමට චීනය කටයුතු කර තිබිණ. 2022 වසරේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති ජී-20 නායක සමුළුවේදී චීනය අවධාරණය කර තිබුණේ ගෝලීය වශයෙන් වඩාත් පුළුල් හා නම්‍යශීලි සහයෝගිතාවක් ඉදිරියට ගෙන යා යුතු බවයි. මෙවර ජී-20 නායක සමුළුවේදී සභාපතිත්වය දරන බ්‍රසීලයේ යෝජනාවකට අනුව ස්ථාපිත කළ “කුසගින්න හා දිළිඳුකම තුරන් කිරීම”පිළිබඳ කාර්ය කණ්ඩායම තුළ චීනය ක්‍රියාශීලිම සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.
නවෝත්පාදනය මගින් සංවර්ධනය ලබාගැනීමේ අවශ්‍යතාව විශේෂයෙන් ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධන රටාව කෙරෙහි චීනයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. මේ වසරේ ජී-20 සහයෝගිතාව සම්බන්ධයෙන් චීනයේ අපේක්ෂාව වී ඇත්තේ ඩිජිටල් ආර්ථික විභවය පිළිබඳව ය. හරිත අවකාබන්, පරිසර සංරක්ෂණය, බලශක්ති ප්‍රතිව්‍යූහගත කිරීම හා දේශගුණ විපර්යාසයට මුහුණ දීම ඇතුළු ක්ෂේත්රවල ජගත් සහයෝගිතා වඩාත් ඉදිරියට ගෙන යන ලෙස චීනය මෙවර ජී-20 නායක සමුළුවේදී යෝජනා කර තිබේ. මෙය මෙවර සමුළුව වැඩි සාකච්ඡාවට ලක් කළ ගෝලීය හරිත අවකාබන් සංවර්ධනය යන මාතෘකාවට අනුකූල වනු ඇත.