2024 එපෙක් සංවිධානයේ නායකයන්ගේ Machu Picchu ප්‍රකාශය(සාරාංශය)
2024-11-18 10:14:25
Share with:

එපෙක් සංවිධානයේ නායක සමුළුව පසුගිය නොවැම්බර් මස 16වැනිදා පේරු හි ලීමා නගරයේ පැවැත්විණ.‘සවිය සැපයීම, සහභාගීත්වය, වර්ධනය’යන ප්‍රධාන තේමාව යටතේ, ‘2040 එපෙක් සංවිධානයේ Putrajaya දැක්ම’ සහ ‘Aotearoa ක්‍රියා සැලැස්ම’ සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගැනීම සඳහා එපෙක් සංවිධානය අඛණ්ඩව ප්‍රයත්න දැරීමට සූදානමින් සිටී. වසර 2040 වන විට විවෘත, ගතික, ශක්තිමත් සහ සාමකාමී ආසියා පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීමටත් සියලු ජනතා සහ අනාගත පරම්පරාවන් සඳහා පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමටත් කැපවී සිටී.

වර්තමාන ලෝකය පෙර නොවූ විරූ අයුරින් වේගවත්ව පරිණාමය වෙමින් පවතී. මෙම පසුබිම යටතේ, වෙළඳාම සහ ආයෝජන, පරිසරය, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්ති සුරක්ෂිතභාවය වැනි ක්ෂේත්‍රවල අභියෝග පවතින බැවින් ඵලදායී බහුපාර්ශ්වික සහයෝගිතා පැවැත්විය යුතුය.

එපෙක් සංවිධානය යනු ආසියා පැසිෆික් කලාපයේ වැදගත් ආර්ථික සහයෝගිතා සංසදයක් වන අතර එම කලාපය මුහුණ දෙන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රායෝගික දායකත්වයක් ලබා දී ඇත.

ගෙවුණු වසර ගණනාව තුළ සිදු කෙරුණු කාර්යයභාරයට අනුව මේ වසරේ පැවති සමුළුවේදී සහභාගීත්වය සහ තිරසර ආර්ථික වර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

වසර 2025 දී එපෙක් සංවිධානයේ සත්කාරක රට ලෙස දකුණු කොරියාව ද, අනතුරුව පිළිවෙළින් 2026 වසරේ දී චීනය ද, වසර 2027 දී වියට්නාමය ද එහි සත්කාරකත්වය දරමින් කටයුතු කිරීමට අපේක්ෂා කෙරෙන අතර 2030 වසරේ දී එපෙක් සංවිධානයේ සත්කාරකත්වය සඳහා සිංගප්පූරුව ද සාදරයෙන් පිළිගනී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම