චීන ජනපති හා බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්
2024-11-18 22:58:58
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer මහතා හමුවෙයි. එම හමුව බ්‍රසීලයේ වේලාවෙන් 18වැනිදා Rio de Janeiro අගනුවරදී පැවැත්විණ. ඒ ෂී ජින් පිං මහතා 19 වැනි ජී20 නායක සමුළුවට එක් වන අතරතුරදී ය.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ලෙස, චීනය සහ බ්‍රිතාන්‍යය තමන්ගේ රටවල සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් කාර්යභාරයට ප්‍රමුඛස්ථානයක් දිය යුතු අතර, ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ වගකීම ද භාර ගත යුතු බවයි. චීනය සහ බ්‍රිතාන්‍යය අතර ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ සමාජ පද්ධතිවල වෙනස්කම් ඇති නමුත්, දෙරටට පුළුල් පොදු අවශ්‍යතා පවතී. චීන-බ්‍රිතාන්‍ය සබඳතා ස්ථාවර ප්‍රගතියක් ලැබීම සහතික කිරීම සඳහා, දෙපාර්ශ්වයම එකිනෙකාගේ දියුණුව තාර්කිකව හා වෛෂයිකව බැලිය යුතු ය. එසේම දෙපාර්ශ්වයම උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරන අතර, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කළ යුතු බව, ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.

Keir Starmer මහතා එහිදී පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යයට සහ චීනයට පුළුල් පොදු අවශ්‍යතා බෙදාහදා ගත හැකි බවයි. ගෝලීය අභියෝග විසඳීම සහ ලෝක සාමය සහ සංවර්ධනය පවත්වා ගැනීම සඳහා දෙරට වැදගත් වගකීම් දරයි. බ්‍රිතාන්‍යය සහ චීනය පොදුවේ බහුපාර්ශ්විකවාදයට අනුගත වෙති. චීනය සමග බහුපාර්ශ්වික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙන්ම, කලාපීය ගැටළු දේශපාලන විසඳුම් ඔස්සේ නිරාකරණය කිරීමට ද, බ්‍රිතාන්‍යය කැමැත්තෙන් සිටින බව, Keir Starmer මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම