චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලීමා නගරයේ පැවති එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. විවෘතභාවය හා සංකලනය සහිත ආසියා පැසිෆික් සහයෝගීතා ආකෘතිය ගොඩනැගීම, හරිත නවෝත්පාදනය සහිත ආසියා පැසිෆික් වර්ධන ගාමක බලවේගය ප්‍රවර්ධනය, පොදු ප්‍රතිලාභ හා වෙනස්කම් පිළිගැනීම සහිත ආසියා පැසිෆික් කලාපීය සංවර්ධන සංකල්පය ස්ථාපිත කිරීම යන යෝජනා තුනක් ෂී ජින්පිං මහතා එහිදී ඉදිරිපත් කළ බව Lin Jian මහතා කියා සිටියේය. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය, චීනය හා ලෝකය පොදුවේ සංවර්ධනය කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. චීනයේ සංවර්ධනය ඔස්සේ ආසියා පැසිෆික් කලාපය හා ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන එනු ඇත. විවිධ රටවල් සමග චීනයේ සංවර්ධන අවස්ථා බෙදා ගනිමින් සාමකාමී සංවර්ධනය, අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගීතා හා පොදු සමෘද්ධිය සහිතව විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කිරීමට පොදුවේ ක්‍රියා කිරීමට අපේක්ෂා වනු ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළ බව Lin Jian මහතා ප්‍රකාශ කර ඇත.