ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවට චීනය වැදගත් දායකත්වය ලබා දෙන බව ලෝක නියෝජිතයින් කියයි
2024-11-18 10:45:07
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නොවැම්බර් 17 සිට 21 දක්වා බ්‍රසීලයේ  රියෝ ද ජැනයිරෝ නගරයේ පැවැත්වෙන, 19 වැනි ජී20 නායක සමුළුවට සහභාගී වීමට සහ බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සුවිශේෂී චාරිකාව සිදු වීමත් සමඟ, ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාව වෙනුවෙන් චීනය වැදගත් දායකත්වය ලබා දෙන බවට විවිධ රටවල නියෝජිතයින් අදහස් දක්වා ඇත.

චීනය සැමවිටම පොදු ජයග්‍රාහී සහයෝගීතාවයේ මූලධර්මය මත පදනම්ව ජාත්‍යන්තර සබඳතා හසුරුවන අතර, එය වඩාත් පුළුල් පොදු එකඟතාවකට ලක්ව ඇති බව ඔවුහු සඳහන් කරති. චීනය ආරක්ෂා කරන බහුපාර්ශ්විකත්වය, බ්‍රසීලය ද දිගු කලක් තිස්සේ අනුගමනය කරන බව රියෝ ද ජැනයිරෝ නගරයේ ජී20 සමුළු සංවිධායක කමිටුවේ සභාපති Lucas Padilha මහතා පෙන්වා දෙයි. ගෝලීය දකුණේ වැදගත් සාමාජිකයන් වන චීනය සහ බ්‍රසීලය අතර සහයෝගිතා අත්දැකීම් දිනෙන් දින පොහොසත් වෙමින් පවතින බව ඔහු කියයි.

බහුපාර්ශ්වික සංවිධානයන් හි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන චීනය, විශේෂයෙන් ජී20 සමුළුව තුළ වඩාත් සුවිශේෂී වූ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ආර්ජන්ටිනාවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කවුන්සිලයේ පර්යේෂක Patricio Giusto මහතා අදහස් දක්වමින් පවසයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම