චීනයේ සාගර කැණීම් නෞකාව නිල වශයෙන් භාරදීම පිළිබඳව චීන ජනපතිගෙන් සුභ පැතුම්
2024-11-17 19:06:56
Share with:

චීනය ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද පළමු සාගර කැණීම් නෞකාව වන "සිහිනය" අද(17) Guangzhou නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ කොට නිල වශයෙන් භාර දී ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඒ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

"සිහිනය" නමැති නෞකාව සාගර කැණීම් අත්හදා බැලීම සාර්ථකව සිදු කර නිල වශයෙන් රාජකාරී සඳහා භාර දීම, ගැඹුරු මුහුදේ ගවේෂණය හා සංවර්ධනය සඳහා චීනය වැදගත් පියවරක් ගැනීම සනිටුහන් කරන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එය නාවික සහ තාක්ෂණික ශක්තියෙන් බලවත් රටක් ගොඩනැගීමෙහි තවත් විශාල ජයග්‍රහණයක් බව ද හෙතෙම සඳහන් කළේය.

චීන මාදිලියේ නවීකරණය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා, සමුද්‍ර විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන ශක්තිමත් කොට, ජාත්‍යන්තර සමුද්‍ර සහයෝගීතා පුළුල් කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම