“ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” නමැති වැඩසටහනේ තුන්වැනි මාලාව බ්‍රසීල ප්‍රධාන මාධ්‍යන්හි විකාශය වෙයි
2024-11-17 23:00:09
Share with:

“ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” නමැති වැඩසටහනේ තුන්වැනි මාලාව බ්‍රසීල ජාතික මාධ්‍ය සමාගම සහ SBT රූපවාහිනී නාලිකාව යනාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හි විකාශය කෙරේ. පෘතුගීසි භාෂා අනුවාදයක් ලෙස බ්‍රසීල වේලාවෙන් 17 වැනිදා සිට එහි විකාශය ඇරඹේ. ඒ, බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජී-20 කණ්ඩායමේ 19වන නායක සමුළුවට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි. එරට ප්‍රධාන නාලිකා රැසක් එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පට විකාශය කර ඇති අතර එය බ්‍රසීලියානු ප්‍රේක්ෂකයින් අතර පුලුල්ව ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” වැඩසටහනේ තුන්වැනි මාලාව (පෘතුගීසි භාෂා අනුවාදය), එතුමාගේ වැදගත් දේශන, ලිපි, සංවාද තුළින් උපුටා ගත් චීනයේ සම්භාව්‍ය උධෘත පාඨ සංග්‍රහයකින් සමන්විත වේ. එය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක්, සංස්කෘතික උරුමය හා නවෝත්පාදනයන් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වැනි තේමා කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර ෂී ජින් පිං මහතාගේ කැපී පෙනෙන දේශපාලන ප්‍රඥාව, ගැඹුරු මානවවාදී හැඟීම් සහ පුළුල් ඓතිහාසික හා ලෝක දෘෂ්ටිය මනාව විදහා දක්වයි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම