IMF නියෝජිතයින් පිරිසක් අද(17) දිවයිනට
2024-11-17 17:51:05
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා සාකච්ඡා පැවැත්වීමට විශේෂ නියෝජිත කණ්ඩායමක් අද(17) දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත. මෙම සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමග IMF දූත කණ්ඩායමක් මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා සහ කණ්ඩායම් සමග එහිදී ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකි වූ බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කළේය.

IMF වැඩසටහනෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතයක් අත්කරගෙන ඇති බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව රජය IMF වැඩසටහනට පූර්ණ වශයෙන් කැපවී සිටින බව පැහැදිලි බව ද  ශ්‍රී නිවාසන් මෙහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම