චීන මාධ්‍ය සමූහය සහ පේරුහි El Comercio සමූහය අතර සහයෝගීතා ගිවිසුමක්
2024-11-17 11:28:48
Share with:

චීන මාධ්‍ය සමූහය සහ පේරුහි El Comercio සමූහය සහයෝගීතා ගිවිසුමකට එළඹෙයි. එය පේරු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා පේරුහි ලීමා අගනුවරදී සිදු කෙරිණ.

දෙපාර්ශ්වය එමගින් අන්තර්ගත හුවමාරුව,තාක්ෂණික නවෝත්පාදනය,පුද්ගල හුවමාරුව,කාර්මික සහයෝගීතාව යනාදිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත.  චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, El Comercio සමූහයේ ඇමරිකා රූපවාහිනියේ සභාපතිනි Maki Miró Quesada මහත්මිය සහ El Comercio පුවත්පත් සභාපති Luis Alonso Miró Quesada Villarán මහතා එම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූහ.

මෙම සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම සහ සහයෝගීතා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම සඳහා පදනමක් වනු ඇතැයි Shen Haixiong මහතා එහිදී පැවසීය. ඉදිරියේදී දෙපාර්ශ්වය ප්‍රවෘත්ති හුවමාරුව,ක්‍රීඩා ඉසව් විකාශනය,ඒකාබද්ධව වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ චිත්‍රපට නිෂ්පාදනය  ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු අඛණඩව ශක්තිමත් කරනු ඇතැයි ඔහු අපේක්ෂා පළ කර ඇත.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම