චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නොවැම්බර් 17 සිට 21 දක්වා බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පැවැත්වෙන 19 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වෙමින් බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතාගේ ආරාධනයෙන් එම සංචාරය සිදු කෙරේ.
"සාධාරණ ලෝකයක් සහ තිරසර ග්‍රහ ලොවක් ගොඩනැගීම" යන තේමාවෙන් යුත් 19 වැනි ජී 20නායක සමුළුව පොදු ජනතා අපේක්ෂාවන්ට ගැලපේ. වසර 2013 සිට, ෂී ජින්පිං මහතා ජී 20 සමුළුවලට බොහෝ වාතාවක් සහභාගී වී ඇත. ජී 20 සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ලෝක ආර්ථිකයේ ශක්තිමත්, තිරසර, සමතුලිත සහ සහභාගීත්ව වර්ධනය තහවුරු කිරීම පිළිබඳව ෂී ජින්පිං මහතා වැදගත් දේශන මාලාවක් පවත්වා ඇත.
හෙතෙම බොහෝ අවස්ථාවල දී ජී 20 සමුළුවලට සහභාගී වීමෙන් පිළිබිඹු කෙරෙන්නේ චීනය එම කණ්ඩායමේ සහයෝගය ඉහළින් වැදගත් කොට සලකන බවත් බහුපාර්ශ්වවාදය වෙත චීනය දැඩි අනුබලයක් දක්වන බවත් ය. මෙවර බ්‍රසීල සංචාරය තුළ, විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ජී 20 කණ්ඩායම මගින් බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීම, විවෘත ආකාරයෙන් යුත් ලෝක ආර්ථිකයක් ගොඩනැංවීම යන අංශ ඔස්සේ මෙන්ම තිරසර සංවර්ධනය තහවුරු කිරීමෙන් සාධනීය ප්‍රගතීන් හිමි කර ගැනීමට ද චීනය පෙනී සිටිනු නොඅනුමානය.