ජී 20 නායක සමුළුවට ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වයේ වැදගත්කම බ්‍රසීලයේ විවිධ පාර්ශ්වයන් අවධාරණය කරති
2024-11-17 19:41:08
Share with:

චීන ජනාධිපතිවරයා නොවැම්බර් 17 සිට 21 දක්වා බ්‍රසීලයේ  රියෝ ද ජනයිරෝ නගරයේ 19 වැනි ජී20 නායක සමුළුවට සහභාගී වෙමින් බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ මෙවර සංචාරය ගෝලීය ආර්ථික සංවර්ධනයට චීන ප්‍රඥාව සහ අත්දැකීම් දායක කර ගැනීමටත් ගෝලීය බහුපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමටත් ඉවහල් වනු ඇතැයි බ්‍රසීලයේ සෑම තරාතිරමකම පුද්ගලයෝ අපේක්ෂා කරති.

චීනය ගෝලීය ආර්ථික වර්ධනයේ වැදගත් එන්ජිමක් වන අතර, මෙම සමුළුවේ බොහෝ මාතෘකා ආර්ථිකයට සම්බන්ධ බැවින් ජී20 නායකයින්ගේ සමුළුවට ජනාධිපති ෂී ජින්පින් මහතාගේ සහභාගිවීම ඉතා වැදගත් වන බව බ්‍රසීලයේ චීනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Ronnie Lins මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ජී20 නායක සමුළුවේදී සාකච්ඡා කෙරෙන කරුණු සම්බන්ධයෙන් චීනය ප්‍රබල දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව චීනයේ හිටපු බ්‍රසීල තානාපති Marcos Caramuru de Paiva මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම