චීන-පේරු සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වේ.
පේරු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා පැවති එම ක්‍රියාකාරකම චීන මාධ්‍ය සමූහය, පේරු ජනාධිපති මන්දිරයේ උපාය මාර්ගික සන්නිවේදන සහ මාධ්‍ය ලේකම් කාර්යාලය සහ පේරු ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී සමූහය එක්ව සංවිධානය කරන ලදි. පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මිය එම ක්‍රියාකාරකමට වීඩියෝ ආකාරයෙන් සුබපැතුම් යොමු කළාය. එමෙන්ම, පේරු සංස්කෘතික අමාත්‍යවරයා, පේරු ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී සමූහයේ විධායක සභාපතිවරිය ඇතුළු පේරු රාජ්‍යයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, ශාස්ත්‍රීය සහ මාධ්‍ය ක්ෂේත්රවල 200කට ආසන්න පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ක්‍රියාකාරකම දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ නවතම සාක්ෂියක් වන අතර, එය දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කරන බව Dina Boluarte මහත්මිය පැවසුවාය.
මෑත වසරවලදී, චීන මාධ්‍ය සමූහය, පේරු රජයට අයත් ආයතන සහ ප්‍රධාන මාධ්‍ය සමඟ නිර්මාණය කළ “නුවර දෙකේ කතා: බෙයිජිං සහ ලීමා” නමැති වාර්තාමය වැඩසටහන් ඇතුළු සංස්කෘතිකංග රැසක්, චීන මාධ්‍ය සමූහය සහ ලතින් ඇමරිකානු හවුල්කරුවන් එක්ව සංස්කෘතික හුවමාරු ගැඹුරු කිරීමේ ධනාත්මකප්රගතීන් බව චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ක්‍රියාකාරකමට එක්වෙමින් පැවසීය. චීන මාධ්‍ය සමූහය භාෂා 81 කින් සහ විදේශීය මාධ්‍ය මධ්‍යස්ථාන 200 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් තම සන්නිවේදන ජාලය භාවිත කර චීන-පේරු ජනතාව අතර මානව හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය.
එම ක්‍රියාකාරකමේදී චීන මාධ්‍ය සමූහය පේරු රාජ්‍යයේ විවිධ ආයතන සමඟ සහයෝගිතා ගණනාවකට එළඹ ඇත. චීන මාධ්‍ය සමූහය“චීන-පේරු ශිෂ්ටාචාර හුවමාරුව”ව්‍යාපෘතියේ ජයග්‍රහණ ද එම අවස්ථාවේදී ඉදිරිපත් කෙරිණ.