ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශක ලෙබනනයේ සංචාරයක
2024-11-17 17:11:45
Share with:

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ උපදේශක අලි ලරිජානි මහතා පසුගියදා ලෙබනනයට ගොස් ලෙබනන් භාරකාර රජයේ අගමැති නජීබ් මිකාටි මහතා ඇතුළු නිලධාරීන් හමු විය.

ලෙබනනයට ඉරානයේ සහයෝගය ප්‍රකාශ කිරීම තම මෙවර සංචාරයේ අරමුණ බව ලරිජානි මහතා පැවසීය.

ඇමරිකාව මෑතකදී සටන් විරාම ගිවිසුම් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානය අතර දින 60 ක තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම වැනි කරුණු ඊට ඇතුළත් වන බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ බලශක්ති අමාත්‍ය සහ එරට ආරක්ෂක කැබ්නට් මණ්ඩලයේ සාමාජික එලි කොහෙන් මහතා මෑතකදී ප්‍රකාශ කළේ ගැටුම් ආරම්භයේ සිට පැවති සියලු තත්ත්වයන්ට වඩා මේ අවස්ථාවේදී ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුමකට එළඹීමට ආසන්නව පවතින බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම