G20 සාමාජික රටවල කාර්යභාරය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා දක්වා ඇති මතය සමීක්ෂණයකට එක්වූ බහුතර පිරිසක් අනුමත කරති
2024-11-17 14:32:04
Share with:

“සියලුම G20 සාමාජිකයින් ප්‍රධාන ජාත්‍යන්තර සහ කලාපීය පාර්ශ්වයන්  ලෙසට  වගකීම භාර ගත යුතු අතර, සියලු ජාතීන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සමස්ත මානව වර්ගයාගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ ඉදිරියට යාම සඳහා ‍ආදර්ශයක් විය යුතුයි” යන චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අදහස ගෝලීය මත විමසුමකට එක්වූ බහුතර පිරිසක් අනුමත කරති. 

CGTN නාළිකාව සිදු කළ එම මත විමසුමට එක්වූවන් ගෝලීය ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම සඳහා චීනයේ දායකත්වය ධනාත්මකව ඇගයීමට ලක් කර ඇත. සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.9 ක් ප්‍රකාශ කළේ G20 බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට සියලු පාර්ශ්වයන්ට වේදිකාවක් බවයි. ගෝලීය අවිනිශ්චිතතා සහ අභියෝගවලට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නවල අවශ්‍යතාවද ඔවුහු අවධාරණය කරති. මෙම අභියෝගයන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගෝලීය දකුණේ රටවලට ය. ඒ අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 67.1ක්  G20 සමුළුව මගින් ගෝලීය දකුණු රටවල සංවර්ධන අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර කටයුතුවලදී ඔවුන්ගේ කාර්යභාරය සහ බලපෑම ඵලදායී ලෙස වැඩිදියුණු කරනු ඇති බවට අපේක්ෂා කරති. එම සමීක්ෂණයට  එක්වූ පිරිසෙන් සියයට 73.4ක පිරිසක් පවසා ඇත්තේ G20 සාමාජිකයින් දේශගුණ පාලනය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි. 

මේ අතර, විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ ගෝලීය දකුණේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස චීනය G20  බහුපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගෝලීය දකුණේ රටවල හඬ සහ නියෝජනය වැඩි දියුණු කිරීමට කැපවී සිටී. අප්‍රිකානු සංගමය G20 වෙත ඇතුළත් කිරීමට විවෘතව සහාය දුන් පළමු රට වන්නේ ද චීනයයි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම