චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර හමුවීම චීන විදේශ අමාත්‍යාංශය විග්‍රහ කරයි. පේරු ජනරජයේ ලීමා නුවර දී එපෙක් සංවිධානයේ නායකයන්ගේ 31 වන නිල නොවන සමුළුව අතරතුර ෂී ජින්පිං මහතා එහි වේලාවෙන් 16 වන දා පස්වරුවේ ජෝ බයිඩන් මහතා හමු විය.
වසරකට පසු නායකයන් දෙදෙනා යළි හමුවූ අවස්ථාව මෙය බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එහිදී ගතවූ වසර 4 තුළ චීන-ඇමරිකා සබඳතාවන් හි ගමන්මග සමාලෝචනය කෙරිණ.
දෙරට සබඳතාව ගොඩනැගිල්ලක් ලෙසට චීන ජනාධිපතිවරයා විසින් එහිදී ගෙනහැර දක්වන ලදි. 2021 වසරේ නායක දෙපළ වීඩියෝ ආකාරයෙන් හමුවූ අවස්ථාවේ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය, සහයෝගිතාවෙන් පොදු-ජයග්‍රාහී බව පවත්වා ගැනීම සඳහන් කර තිබේ. මෙය ගොඩනැගිල්ලේ පියස ය. 2022 වසරේ බාලී දූපතේ හමුවූ අවස්ථාවේදී, තායිවාන ප්‍රශ්නය, ක්‍රියාමාර්ග හා ක්‍රමවේද, ප්‍රජාතාන්ත්‍රවාදය හා මානව හිමිකම්, සංවර්ධන අයිතිහාසිකම් යන කරුණු සම්බන්ධ චීනයේ ප්‍රබල ස්ථාවරයන් දෙරටේ නායකයෝ සාකච්ඡාවලට ලක් කළහ. මෙය ගොඩනැගිල්ලේ පදනම ලෙස සැළකේ. පසුගිය වසරේ San Francisco හි පැවති හමුවීමේ දී නිවැරදි අවබෝධ හඳුනාගැනීම, ඵලදායී ව මතභේද පාලනය, එකිනෙකාට ප්‍රතිඵලදායී සහයෝගිතා තහවුරු කිරීම, විශාල රටවල වගකීම් හා යුතුකම් දැරීම, මානව හුවමාරු සහතික කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරු අවධානය යොමු කළහ. මෙය ගොඩනැගිල්ලේ ප්‍රධානතම කුළුණු පහ වෙයි.
මෙවර පැවති හමුවේ දී, චීන-ඇමරිකා සබඳතාවේ ‘ගොඩනැගිල්ල’ සඳහා දෙරට අඛණ්ඩ ව සවියක් ලබා දිය යුතු අතර තමා ජෝ බයිඩන් මහතා සහ ඔහුගේ අනුගාමිකයා සමග එක්ව ඒ සඳහා පොදුවේ දායක වීමට සූදානම් බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
එසේම, දෙරට අතර පවතින මතභේද බැහැර නොකළ ෂී ජින්පිංන්පිං මහතා, මෙහිදී කරුණු කිහිපයක් වෙත විශේෂ අවධානයක් යොමු කළේය. ඒ අනුව, චීනයේ තායිවාන ප්‍රදේශය, දකුණු චීන මුහුද, ඇමරිකාව චීනයට එරෙහිව එල්ල කර ඇති ආර්ථික හා වෙළඳ පීඩා, ඊනියා සයිබර් ප්‍රහාර සිදු කිරීම පිළිබඳ චීනයට එල්ල වූ චෝදනා මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ගැටළුවලදී ඇමරිකාව චීනය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ද චීනයේ මූලධර්මයන් හා ස්ථාවරයන් පහදා දීමට චීන ජනපතිවරයා ක්‍රියා කළේය.
එසේ ම, එම අවස්ථාවේදී ෂී ජින්පිං මහතා අවධාරණය කළ ‘වෙනස් නොවීම් 4ක්’ මගින් ඇමරිකාවේ නව රජය සමග සංවාද හා සහයෝගිතා තහවුරු කරමින් මතභේද පාලනය කිරීමෙන් දෙරට සබඳතාව නිසි අයුරින් වර්ධනය කිරීමේ චීනයේ අපේක්ෂාව පිළිබිඹු කෙරෙන බව ද චීන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කළේය.