චීන ජනපති බ්‍රසීල මාධ්‍ය ඔස්සේ ලිපියක් පළ කරයි
2024-11-17 13:56:17
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රසීල මාධ්‍ය ඔස්සේ සිය අත්සන සහිත ලිපියක් පළ කරයි.

බ්‍රසීල වේලාවෙන් නොවැම්බර් 17 වැනිදා ෂී ජින්පිං මහතා Folha de S.Paulo පුවත්පත ඔස්සේ “සැතපුම් දහස් ගණනත ඈත මිත්‍රත්වයෙන් යුතුව අත්වැල් බැඳගෙන පොදු ඉරණමක් උදෙසා” යන මැයෙන් එම ලිපිය පළ කෙරිණ.

චීන ජනාධිපතිවරයා නොවැම්බර් 17 සිට 21 දක්වා බ්‍රසීලයේ  රියෝ ද ජනයිරෝ නගරයේ 19 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වෙමින් බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

බ්‍රසීලය චීන ජනතාවගේ දැඩි ආදරයට පාත්‍ර වූ රටකි. වසර 200 කට පෙර සිට, චීන තේ, කුළුබඩු, පිඟන් භාණ්ඩ ආදිය සාගරය හරහා බ්‍රසීලයට ගෙන යමින් දෙරට ආර්ථික හා වෙළඳ හුවමාරු සඳහා පාලමක් බවට පත් විය. එමඟින් චීන සහ බ්‍රසීලියානු ජනතාව අතර මිත්‍රශීලී හුවමාරු සඳහා සම්බන්ධතාවක් ගොඩනැඟිණ.

1974 වසරේ අගෝස්තු මස 15 වැනිදා චීනය සහ බ්‍රසීලය අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ විය. පසුගිය වසර 50 තුළ, චීන-බ්‍රසීල සබඳතා වඩ වඩාත් පරිණත සහ ක්‍රියාකාරී වී ඇති අතර, දෙරටේම සංවර්ධනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය සහ ස්ථාවරත්වය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙයි.

වර්තමානයේ, ලෝකය වේගවත්ව පරිණාමය වෙමින් පවතින අතර, නව අභියෝග සහ වෙනස්කම් එකින් එක මතුවෙමින් තිබේ.

චීනය සහ බ්‍රසීලය සක්‍රීයව පරිනථ මෙන්ම ස්ථිර සබඳතාවක් ගොඩනැගිය යුතු අතර දෙරට අතර දිගුකාලීන සහ ස්ථාවර සබඳතා ප්‍රවර්ධනය කළ යුතුය. චීන-බ්‍රසීල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව සඳහා නව ජවයක් වර්ධනය කිරීමට, දෙරට ජනතාව අතර මිත්‍රත්වයේ පදනම තහවුරු කළ යුතු මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුත් ප්‍රධාන රටවල් ලෙස දෙපාර්ශ්වයේ වගකීම දැරිය යුතුය. ගෝලීය පාලනයේ පද්ධතිය වඩාත් සාධාරණ දිශානතියකින් සංවර්ධනය කිරීම දෙරට ප්‍රවර්ධනය කළ යුතුය.

රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන G20 නායකයින්ගේ සමුළුව නිසැකව ම ඵලදායි ප්‍රතිඵල අත්කර ගනිමින්, ඉතිහාසයේ සුවිශේෂ "බ්‍රසීලියානු සලකුණක්" තබනු ඇතැයි විශ්වාස කෙරේ. චීන-බ්‍රසීල සබඳතා නව "ස්වර්ණමය වසර 50ක්" කරා ගෙන යාමට සහ හවුල් අනාගතයක් සහිත වඩාත් සාධාරණ සහ තිරසර ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ජනාධිපති ලූලා මහතා සමඟ කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එම ලිපිය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම