චීනය 2026 වසරේ එපෙක් සංවිධානයේ සත්කාරකත්වය ලැබීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ඊයේ (16) වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේය.
එපෙක් සංවිධානය යනු ආසියා පැසිෆික් කලාපයේ වැදගත් ආර්ථික සහයෝගීතා යාන්ත්‍රණයක් බව එම ප්‍රකාශකයා පැවසීය. ආසියා පැසිෆික් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ සමස්ත තත්වයෙන් පටන් ගෙන, චීනය එපෙක් සංවිධානයේ සමුළුව පැවැත්වීමට යෝජනා කිරීමෙන් අනතුරුව එම සාමාජිකයින් විසින් එය පිළිගෙන, එපෙක් සංවිධානයේ නායකයින්ගේ සමුළුවේ දී අනුමත කර ඇත.
2026 වසරේදී සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් 2040 Putrajaya දැක්ම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ප්‍රකාශකයා පැවසීය.
ආසියා පැසිෆික් ප්‍රජාව සහ ආසියා පැසිෆික් නිදහස් වෙළඳ ප්‍රදේශය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත්, විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතා ප්‍රතිඵල ඇති කිරීමටත්, ආසියා පැසිෆික් කලාපයේ සහ ලෝකයේ ආර්ථික වර්ධනයට නව ජවයක් ඇති කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව එම ප්‍රකාශකයා පැවසීය.