චීනය එපෙක් සංවිධානයේ 2026 වසරේ සත්කාරක රට බවට පත් වීම පිළිබඳව චීන විදේශ අමාත්යංශය අදාළ තොරතුරු විස්තර කරයි.
එපෙක් සංවිධානය යනු ආසියා ශාන්තිකර කලාපයේ වැදගත් ආර්ථික සහයෝගීතා යාන්ත්රණයක් බව චීන විදේශ අමාත්යංශය පවසයි. ආසියා-ශාන්තිකර සහයෝගීතාවට දායක වීම සඳහා, චීනය එහි 2026 වසරේ සත්කාරකත්වය දැරීමට යෝජනා කෙරෙණු අතර, එය එපෙක් සාමාජිකයින්ගේ පිළිගැනීමට සහ එපෙක් නායකයින්ගේ රැස්වීමේ අනුමැතියට ලක්ව තිබේ.
චීනය සැමවිටම ආසියා-ශාන්තිකර සහයෝගීතාවයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, 2001 සහ 2014 දී එපෙක් සත්කාරක රට බවට පත්ව ඇත. 2026 දී එපෙක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ සන්නිවේදන සහ සහයෝගීතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්යංශය පවසයි. 2040 පුත්රජයා දැක්ම පොදුවේ ක්රියාත්මක කරමින්, ආසියා-ශාන්තිකර ප්රජාව සහ නිදහස් වෙළඳ කලාප ගොඩනැගීම සහ විවිධ සහයෝගිතා ප්රවර්ධනය කර කලාපීය සහ ලෝක ආර්ථික වර්ධනයට දායක වීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්යංශය පෙන්වා දෙයි.