නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තෙදින වැඩමුළුවක්
2024-11-16 17:15:38
Share with:

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරේ.

ඒ අනුව නවක මන්ත්‍රීවරුන්ට 17 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසීය.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වැනිදා සහ 20 වැනිදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.

මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී  පැවැත් වෙයි. ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද(16) වැනිදා නිකුත් කෙරේ.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වැනිදා උදෑසන 10ට රැස්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම