පශ්චාත් මැතිවරණ සමය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
2024-11-16 17:19:29
Share with:

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවය.

සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු කිරීමට නොහැකිය.

කිසිඳු ප්‍රදේශයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති අතර  පූර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරට අපේක්ෂකයන් 18 දෙනෙකු සහ ආධාරකරුවන් ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම