චීන මාධ්‍ය සමූහයේ වාර්තාමය චිත්‍රපටයක් වන ‘චීන මහා ප්‍රාකාරයේ සිට Machu Picchu දක්වා’ තිරගත කිරීමේ උත්සවය සහ පේරු හි නිල භාෂාවක් වන Quechua භාෂාවේ සමාජ මාධ්‍ය පිටුව අන්තර්ජාල ගත කිරීමේ උළෙල පැවැත්වෙයි. පේරු වේලාවෙන් ඊයේ(15) එරට ලීමා නුවර දී මෙම උත්සව පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, පේරු ජනරජයේ Cuzco පළාත් ආණ්ඩුකාරයා ඇතුළු ආරාධිත අමුත්තෝ ඊට සහභාගීව සිටියහ.
පසුගිය වසරේ සිට ‘ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්’ප්‍රදර්ශනය ලොව විවිධ රටවලදී ඉදිරිපත් කර ඇති බව Shen Haixiong මහතා එහිදී පැවසීය. පේරු රාජ්‍යයේදීත් එම ප්‍රදර්ශනය ඉහළ ජනප්‍රිත්වයකට ලක් වී තිබේ. ‘චීන මහා ප්‍රාකාරයේ සිට Machu Picchu දක්වා’තිරගත වීමෙන් පේරු ජනතාවට චීනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. එසේ ම, චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාවේ සමාජ මාධ්‍යය ඔස්සේ Quechua භාෂා පිටුව ආරම්භ කිරීමෙන් සාම්ප්‍රදායික හා නූතන සංස්කෘතීන්ගෙන් පිරිපුන් චීනයේ චමත්කාරය විදහා දැක්වීමට අපේක්ෂා කරන බව ද Shen Haixiong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වාර්තාමය චිත්‍රපටය ඔස්සේ, චීන මහා ප්‍රාකාරයේ සහ පේරුවේ Cuzco පළාතේ පිහිටි, ලෝකයේ නව විස්මයන් හතෙන් එකක් වන Machu Picchu නටබුන් හි දෙරටට අනන්‍ය වූ සුන්දරත්වය හා චමත්කාරය පෙන්නුම් කෙරේ.