පේරු රාජ්‍යය යනු පැසිෆික් සාගරයේ අනෙක් පසින් පිහිටි චීනයේ අසල්වැසියෙකි. චීන සහ පේරු රාජ්‍යය වඩාත් සමීප ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයක් සහ සංස්කෘතික සබඳතා අඛණ්ඩව ශක්තිමත් කර ගනිමින් සිටී.
මෙම ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳ CGTN ආයතනය නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනය සහ පේරු හි උසස් ජාතික අධ්‍යයන මධ්‍යස්ථානය එක්ව සමීක්ෂණයන් සිදු කර ඇත. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ පේරු නිල සංචාරය අතරතුර ය. මේ සඳහා පේරු හි ප්‍රතිචාර දැක්වූවන් 1,111 දෙනෙකු සහභාගී වී තිබේ.
මෙහිදී ප්‍රතිචාර දැක්වූවන් චීනය සහ පේරු අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ ප්‍රායෝගික සහයෝගීතාවයේ ජයග්‍රහණ පැසසුමට ලක් කර ඇත. චීන-ලතින් ඇමරිකානු සබඳතා සහ "ගෝලීය දකුණේ" රටවල් අතර ඉහළ මට්ටමේ සහයෝගීතාව සඳහා “පේරු ආදර්ශයක්” ගොඩනැගීම වැදගත් බව මෙහිදී යෝජනා වී ඇත.
පේරු රාජ්‍යය නව චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ චීනය පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගත් පළමු ලතින් ඇමරිකානු රටවලින් එකකි. දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කටයුතු කරන අතර පොදු සංවර්ධනය සඳහා හොඳ හවුල්කරුවන් මෙන්ම සමීප මිතුරන් ද වේ. මෙහිදී පේරු හි ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.6ක් චීනය කෙරෙහි යහපත් හැඟීමක් පවතින බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 97.7ක් චීනය වැදගත් රටක් බවත්, තවත් සියයට 97.2ක් චීනය සාර්ථක රටක් බවත් සඳහන් කර ඇත. එමෙන්ම සියයට 92 කට ආසන්න පිරිසක් චීනය ආකර්ෂණීය සහ ගෞරවය හිමි විය යුතු රටක් බව ප්‍රකාශ කර සිටී. එමෙන්ම සියයට 94 ක් චීනයේ සංචාරය කිරීමට හෝ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙති.
චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් පැකේජයක් අත්සන් කළ පළමු ලතින් ඇමරිකානු රට වන පේරු හි අඛණ්ඩව වසර දහයක් තිස්සේ විශාලතම වෙළඳ සහකරු සහ විශාලතම අපනයන වෙළඳපොළ වන්නේ චීනයයි. මෙම වසරේදී, චීන-පේරු නිදහස් වෙළඳ ගිවිසුම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති අතර දෙරට අතර වෙළඳාමේ පහසුව සහ විවෘතභාවය ද වැඩි දියුණු කර තිබේ.
සමීක්ෂණයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.1ක් පේරු රාජ්‍යය චීනය සමග ඇති වෙළඳ සබඳතාවලින් විශාල ප්‍රතිලාභ ලබා ඇති බව සඳහන් කර ඇත. එමෙන්ම තවත් සියයට 77.6ක් චීනය සහ පේරු අතර ආර්ථික හා වෙළඳ සබඳතා සාධාරණ සහ අන්‍යෝන්‍ය වාසි මත පදනම්ව සිදු වන බව ප්‍රකාශ කර සිටී. චීනයේ දැවැන්ත වෙළඳපොළ පේරු සහ ලතින් ඇමරිකානු රටවලට ප්‍රමාණවත් සංවර්ධන අවස්ථා සපයන බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93ක් පවසති. විද්‍යාව හා තාක්‍ෂණය, ආර්ථිකය සහ වෙළඳාම මෙන්ම අධ්‍යාපනය යන අංශ තුනෙහි ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව සඳහන් කළ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 87.7, 87.2, 65.9 ක් වේ.
චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ ඉහළ මට්ටමේ විවෘත කිරීම් සම්බන්ධ චීනයේ ජයග්‍රහණ ඉහළින්ම අගය කර ඇති අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 97.2ක් චීනයේ වේගවත් ආර්ථික වර්ධනය අගය කර තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.8 ක් විශ්වාස කරන්නේ චීනයේ ආර්ථිකය දිගුකාලීනව යහපත් වනු ඇති බවයි. ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය සඳහා චීනය තීරණාත්මක බව සියයට 89.9ක් පවසති. සියයට 96කට වැඩි පිරිසක් ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීනයේ විශිෂ්ට දායකත්වය ගැන ප්‍රශංසාව පළ කර තිබේ.
මේ වන විට චීනය ලතින් අමෙරිකානු රටවල් හා කැරිබියන් රටවල් 22ක් සමග එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත. පේරු හි Chancay වරාය මෙන්ම එරට ව්‍යාපෘති ගණනාවක් වැදගත් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර දේශීය ආර්ථික හා සමාජීය සංවර්ධනයට ඵලදායී දායකත්වයක් ලබා දී තිබේ. ඒ සඳහා සමීක්ෂණයේ ප්‍රතිචාර දැක්වූවන් සාධනීය අදහස් පළ කිරීම විශේෂත්වයකි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.3ක් චීන-පේරු සබඳතාවල සහ චීන-ලතින් අමෙරිකා සබඳතාවල අනාගත වර්ධනය පිළිබඳව සුබවාදී අදහසකින් සිටිති.
මෙම සමීක්ෂණය පේරු හි ජනගහනයේ වයස, ස්ත්‍රී-පුරුෂභාවය සහ කලාපීය ව්‍යාප්තිය ලක්ෂණ මත පදනම්ව සිදු කෙරිණ.