යුරෝපා සංගම් ආර්ථික අවපාතයේ අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළට
2024-11-16 16:55:19
Share with:
යුරෝපා සංගමයේ ආර්ථික අවපාත අවදානම වැඩි වනු ඇතැයි එහි වාර්තාවක් අනාවැකි පළ කරයි.
වර්ධනයේ දිගුකාලීන නතරවීමෙන් පසුව, උද්ධමනය අඛණ්ඩව මන්දගාමී වන අතර, යුරෝපා සංගම් ආර්ථිකය මධ්‍යස්ථ වර්ධනයක් කරා ආපසු යමින් තිබෙන බව යුරෝපා සංගමය ඊයේ(15) 2024 වසරේ සරත් සෘතුවේ ආර්ථික දැක්ම වාර්තාව නිකුත් කරමින් පැවසීය.
කෙසේ වෙතත්, භූ දේශපාලනික සාධක සහ ව්‍යුහාත්මක අභියෝග, ආර්ථික දැක්මට අවිනිශ්චිතතාවය හා අවාසිදායක අවදානම වැඩි කර ඇතැයි එහි සඳහන් විය.
එම වාර්තාවේ පුරෝකථනයට අනුව, යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිතය 2024 දී 0.9% කින් වර්ධනය වනු ඇති අතර යුරෝ ප්‍රදේශයේ එම ප්‍රමාණය 0.8% කින් වර්ධනය වනු ඇත.